18 March 2025


නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයෙක්



කම්කරු කොමසාරිස් ජනරාල් එච්. කේ. කේ. ඒ. ජයසුන්දර වෙනත් තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරින් මුදාහරින ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ඔහු කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස එම දෙපාර්තමේන්තුවේ වසර 23ක පමණ සේවා කාලයක් සපුරා තිබීම හේතුවෙන්.

ඒ අනුව වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි ඔහු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එමෙන්ම පුරප්පාඩු වන කම්කරු කොමසාරිස් ජනරාල් තනතුරට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අනුයුක්තව සිටින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද පත් කිරීමටද අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)