13 June 2026

logo

රුමේෂ් තරංගගෙන් නව වාර්තාවක්



ඉතාලියේ රෝම නුවර ඊයේ (04) පැවති 'ඩයමන්ඩ් ලීග්' මලල ක්‍රීඩා තරගයේදී ඉතිහාසගත දක්ෂතාවයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.

ඒ මීටර් 92.62ක දුරක් හෙල්ල විසිකරමින්.

ලොව ප්‍රමුඛතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වන මෙම තරඟාවලියේදී 23 හැවිරිදි තරංග දැක්වූ දක්ෂතාවය 2026 වසරේ දැක්වූ හොඳම දක්ෂතාවය ලෙස සැලකෙනවා.

මෙලෙස ඔහු 2006 වසරේදී නෝර්වීජියානු ක්‍රීඩක ඇන්ද්‍රියාස් තොර්කිල්ඩ්සන් විසින් මීටර 90.34ක් දුරට හෙල්ල විසි කළ වාර්තාව අබිභවා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)