colombotimes.lk
සිංහල | English

13 May 2024

මිහින්තලාවේ ආරක්ෂාව ගැන මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්



මිහින්තලා පුදබිමේ ආරක්‍ෂාව සහ සංවර්ධනය සඳහා ආරක්‍ෂක නිලධාරීන් යළි යොදවන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

ඒ අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්. 
 
පූජා භූමියේ සංවර්ධන කටයුතුවලට අදාළ ශ්‍රම කටයුතු සඳහා යුද හමුදා නිලධාරීන් යොදවන ලෙස මහ නාහිමිවරු සිය ලිපියෙන් ඉල්ලා සිටිනවා. 
 
එමෙන්ම මිහින්තලා විහාරස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් යොදවන ලෙසද එම ලිපියේ සඳහන්. 
 
මිහින්තලා පුදබිමේ සේවය සඳහා අනුයුක්ත කර තිබූ ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 200කට අධික සංඛ්‍යාවක් ඉවත් කර ගැනීමට රජය දෙසැම්බර් මස මුලදී තීරණය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා වෙත මෙම ආයාචනය ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)