වැටුප් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද 08 වන දිනටත් ක්‍රියාත්මක වනවා.
මේ හේතුවෙන් සියලු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන 17ක කටයුතු අඩාල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට පත් කළ කැබිනට් අනුකමිටුව අද (09) රැස්වීමට නියමිතයි.
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ අද දිනයේදීත් තම ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් වැඩවර්ජනය තවත් දැඩි කරන බවයි.
(colombotimes.lk)