මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගත වූ වසර 2024 බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එම කාර්යාංශය සඳහන් කළේ මෙම වසර තුළ පුද්ගලයන් 312,836 දෙනෙක් රැකියා සඳහා විදේශ ගතව ඇති බවයි.
ඒ අතරට පිරිමි ශ්රමිකයන් 185,162ක් සහ කාන්තාවන් 127,674ක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.
මීට පෙර වැඩිම පිරිසක් 2022 වසරේදී විදේශ ගතවී තිබෙනවා.
(colombotimes.lk)