19 January 2025


බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් 35ක් රෝහලට



මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ හේතුවෙන් පුද්ගලයන් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එම පිරිස අතරින් 29දෙනෙක් ගන්දර රෝහලටත් තවත් පුද්ගලයන් 6දෙනෙක් මාතර රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

අනතුරට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ 2ක්.

(colombotimes.lk)