colombotimes.lk
සිංහල | English

15 September 2024


ගාසා තීරයේ ළමුන්ට පෝලියෝ එන්නත් 640,000ක්



ගාසා තීරයේ රැඳී සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව එන්නත් 640,000ක් ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම එන්නත් ලබාදීම වෙනුවෙන් ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක්ද ප්‍රකාශයට පත්කර  තිබෙනවා.

වසර 25කට පසු ගාසා තීරයෙන් හමු වූ පළමු පෝලියෝ රෝගියා සොයා ගැනීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ මෙම වෛරසය තවත් ළමුන්ට අසාධනය වුවහොත් එම කලාපය තුළ දරුණු තත්ත්වයක් ඇති වන බවයි.

(colombotimes.lk)