පොහොර සහනාධාරය සඳහා මුදල් ලබාදීම මේ වන විට 95%කින් අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජපක්ෂ සඳහන් කළේ මේ වන විට රුපියල් මිලියන 16,369ක මුදලක් ඒ සඳහා ලබාදී ඇති බවයි.
අනුරාධපුරය, අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්රික්කවලට වැඩි සහනාධාර මුදල් ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)