05 January 2025


බත් පැකට්ටුවක මිල ඉදිරියේදී වෙනස් වන ලකුණු



පවතින සහල් මිල ගණන් යටතේ ඉදිරියේදී බත් පැකට්ටුවක මිලත් ඉහළයාමේ ප්‍රවණතාවක් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමේ සභාපති ඉන්දික අරුණ කුමාර කියා සිටියේ පවතින සහල් අර්බුදය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපනශාලා වැසීයාමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

අනුරාධපුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)