colombotimes.lk
සිංහල | English

20 May 2024

ගැබ්ගෙල පිළිකා ගැන භයානක හෙළිදරව්වක්



ගැබ්ගෙල පිළිකා මෙරට කාන්තාවන් ගොදුරුවන දෙවනියට සීඝ්‍ර වර්ධනයක් සහිත පිළිකාව ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ගැබ්ගෙල පිළිකා සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

වසරකට වාර්තාවන රෝගීන් ගනණ 1407ක් පමණ වන බව ගනණය කර ඇති අතර ගැබ්ගෙල පිළිකාව නිසා වසරකට දිවි අහිමවන පිරිස 780ක් පමණ වන බව සොයාගෙන තිබෙනවා.

මෙහි ඇති භයානක තත්වය වන්නේ මෙම රෝග ව්‍යාප්තිය නොසලකා සිටියහොත් මෙරට තුළ 2070 වන විට මරණ 58,754ක් සහ 2120 වනවිට මරණ 115,137ක් වන බවට පුරෝකථනය කර තිබීමයි.
(colombotimes.lk)