colombotimes.lk
සිංහල | English

04 May 2024

SL Vs BAN - 2nd T20 | දෙවන තරගයේ ජය බංගලාදේශයට



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති දෙවන T20 තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

කමිදු මෙන්ඩිස් ලකුණු 37ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 1ක් තුළ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

 
(colombotimes.lk)
 
May be an image of 4 people and text that says "COLOMBO TIMES colombotimes.lk ANGLADESI Ne sPay BANGLADESH WON BY 08 WICKETS 165 (20/20ov) Kamindu Mendis 170 (18.1/20ov) 37(27) Kusal Mendis 53(38) 36(22) Taskin Ahmed Najmul Hossain 36(24) 1/38 Litton Das Mahedi Hasan 2/28 1/39 Matheesha Pathirana Sri Lanka VS Bangladesh DAILYSPORTS"