කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (08) ඒකක 84.32කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,925.92ක් ලෙසයි.
එය 0.53%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.
මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1.7ක් ලෙස සටහන් වී තිබෙනවා.