ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සෙබළුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය පෙබරවාරි 24වනදා නියෝග කළා.
ඒ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින්.
ඒ අනුව මේ වන විට ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සෙබළුන් 1,843දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පලාගිය සෙබළුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩ ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.