06 March 2025


මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගැන විශේෂ නිවේදනයක්



බෞද්ධ ප්‍රබෝධය ඇති වන පරිදි සියලු ජන වර්ගයන්හි සහභාගීත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදු කළ යුතු බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සිනිඳුම සුනිල් සෙනෙවි අද (05) ප්‍රකාශ කළා.

ඒ 2025 රාජ්‍ය වෙසක් මහෝත්සව සැමරුම පිළිබඳ අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකදීයි.

මෙවර රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය මැයි 12වනදා එනම් වෙසක් පුන් පොහෝ දින නුවරඑළියේ දී පැවැත්වීමට එහිදී තීරණය කර තිබෙනවා.



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQioN6gWyxs4GFecaSwK4Q_TtUV4SLfxikJiP63FdJ3-UizNfmhmMBPZcXRtiywpTuZrkim2xVYv54zC6jwYeqMew46iamkRGWyxbRHUAakjicT5dsnkqQveMpRPWDqDGtfY8McJ2RKNwc9idNRlkkaa-DvjtBkYnzcpFDzSncUlpioo3THwPk9fMN2d8z/s1600/d.jpg

(colombotimes.lk)