සේවක අර්ථසාධක අරමුදලට අදාළ කටයුතු අද (21) සිට තාවකාලිකව අත්හිටුවන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව අද සිට ලබන 23වනදා දක්වා මෙලෙස සේවක අර්ථසාධක අරමුදලට අදාළ කටයුතු අත්හිටුවා තිබෙනවා.
(colombotimes.lk)