16 May 2025


මහජන බැංකුවෙන් විශේෂ පුණ්‍ය කටයුත්තක්



සිරි දළදා වන්දනාව සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැහවතුන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ පානීය ජලය පිරිනැමීමට මහජන බැංකුව පසුගියදා කටයුතු කර තිබෙනවා.

මෙය මහනුවර ප්‍රාදේශිකය විසින් සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පුණ්‍ය කටයුත්ත සඳහා මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඇතුඵ සියලුම ප්‍රාදේශිකයන්හි කාර්ය මණ්ඩලය සහ මහජන බැංකුවේ බෞද්ධ සංගමය විසින් මූල්‍ය දායකත්වය ලබාදී තිබෙනවා.



(colombotimes.lk)