ප්‍රමිතියෙන් තොර පොහොර වෙළෙඳපොළ තුළ තිබේද යන්න සොයා විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.
එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ සඳහන් කළේ පොළොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් පොලිස් භාරයට ගැනීමත් සමඟ එම විමර්ශනය ආරම්භ කළ බවයි.
දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම පොළොන්නරුව සිරිපුර ගබඩාවක තිබී යූරියා පොහොර මිටි 1565ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි සාම්පල පරීක්ෂණ සඳහා කොළඹට රැගෙන එන බව ද චන්දන ලොකුහේවගේ ප්‍රකාශ කළා.
එම පොහොර ජාවාරම සම්බන්ධයෙන් 12දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ එම සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
(colombotimes.lk)