16 May 2025


රාජ්‍ය ආයතන ගැන දැනුම්දීමක්



අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට නිරීක්ෂණයට හැකියාව ලැබෙන සේ එම අභ්‍යන්තර ඒකක නියාමනය සඳහා පද්ධතියක් පිහිටුවීමට නියමිතයි.

මේ සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන සපයනු ලබනවා.

අල්ලස් කොමිසම සඳහන් කළේ නව පද්ධතිය ආරම්භ කිරීමත් සමඟ එම ඒකකවලට පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවේ සිට ඊට ප්‍රතිචාර දක්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම දක්වා වන ක්‍රියාවලිය නියාමනයට හැකියාව ලැබෙන බවයි.

මේ තුළින් සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම සාධාරණය ඉටු කිරීමට හැකියාව ලැබෙන බව එම කොමිසම සඳහන් කළා.

රාජ්‍ය ආයතනවල සිදු වන දූෂණ හා අක්‍රමිකතා වැලැක්වීම හා ඒවා වර්තාකිරීමත් ඊට එරෙහිව කඩිනමින් ක්‍රියා කිරීම සඳහාත් අමාත්‍යාංශවල මෙන්ම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)