19 March 2025


ක්ලීන් ශ්‍රී ලංකා සඳහා වෙන්කළ ප්‍රතිපාදන ගැන විශේෂ සාකච්ඡාවක්



රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 05ක ප්‍රතිපාදන වැඩසටහනෙහි මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඵලදායීව යෙදවීම පිළිබඳ සාකච්ඡාවක් අද (18) පවත්වා තිබෙනවා.

ඒ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අතිරේක ලේකම් ඉංජිනේරු එස්. පී. සී. සූගීෂ්වරගේ ප්‍රධානත්වයෙන්.

රට තුළ ආචාර් ධර්ම, සාමාජයීය, පාරිසරික යන සියලු ක්ෂේත්‍රයන්හි නව පරිවර්තනයක් අපේක්ෂා කරමින් මෙම වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාළව එක් එක් ආයතන මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන්වල සැලසුම් සහ එහිදී මතුව ඇති අභියෝග සහ මූල්‍යමය අවශ්‍යතා පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කල බවයි.

(colombotimes.lk)