19 March 2025


ජනපති සහ විශේෂඥ වෛද්‍ය සංගමය අතර විශේෂ සාකච්ඡාවක්



මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව සහ සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (19) පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

ඉතිහාසයේදී විවිධ රජයන් ණය ලබා ගැනීමේදී එම ණය ආපසු ගෙවීමේදී ආර්ථිකයට සිදු වන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති බවත් තම රජය එවැනි අවිධිමත් ණය ලබා ගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

විශේෂඥ වෛද්‍ය සේවය සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම මෙන්ම වෘත්තීය ගැටලු මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානයට යොමු කර තිබෙනවා.

(colombotimes.lk)