16 May 2025


චෙක් රාජ්‍ය අතර සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක්



විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ චෙක් රාජ්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජීරි කෝසාක් අතර හමුවක් ඊයේ (15) හමුවක් පවත්වා තිබෙනවා.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.

එහිදී ශ්‍රී ලංකාව සහ චෙක් රාජ්‍ය අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

සාම සාධක කටයුතු, සංචාරක සහ කාර්මික සංවර්ධනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)