08 June 2025


දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ පියවරක්



එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. 

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇති බවයි. 

මෙම සියලු දුම්රිය ගමන්වාර මගීන් සඳහා නොමිලයේ ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

හෙට (09) සිට ලබන 12වනදා දක්වා මෙම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
 
(colombotimes.lk)