08 June 2025


හෙට සංකේත වැඩ වර්ජනයක්



රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (09) උදෑසන 6.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා

රජය පශු වෛද්‍යවරුන් සඳහා වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති පසුබිමක එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වන බවත් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වරායේ සහ ගුවන්තොටුපොළේ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථාන සහ පළාත් පාලන ආයතනවල පශු වෛද්‍යනයවරුන්ගේ සේවාවන් අඩාල වීමට නියමිත බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර සඳහන් කළා. 

(colombotimes.lk)