ආබාධිත පුද්ගලයන්ට දුම්රියේ ගමන් කිරීමේදී විශේෂ පහසුකම් සැළසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ දුම්රියකට ඇතුලුවීමේදී සහ පිටවීමේදී කාර්ය මණ්ඩලයේ සහය ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වන බවයි.
ඒ අනුව 1971 දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳව පෙර දැනුම්දීමක් කළ යුතු බව එහු වැඩිදුරටත් කියා සිටියා.
ලබන 15වනදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
(colombotimes.lk)