08 June 2025


පාසල්වලට උපදෙස් පත්‍රයක්



පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ විශේෂ පරීක්ෂා කිරීම්වලදී පාසල් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන තිබී හඳුනාගතහොත් එම පාසලේ විදුහල්පතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි. 

ඒ අනුව සියලු පාසල් පරිශ්‍රය මදුරුවන් බෝ නොවන පරිදි පවත්වාගෙන යාම සදහා පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස්කර ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු, පිරිවෙන් පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරු සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)