සිරි දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙබ් අඩවියක් දියත් කර තිබෙනවා.
ඒ අනුව daladadekma.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මහජනතාවට එම දළඳා ප්‍රදර්ශනය පිළිබඳ වැදගත් තොරතුරු ලබා ගත හැකියි.
එම වෙබ් අඩවිය වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉතා වැදගත් වන බව පොලීසිය සඳහන් කළා.
වසර 16 කට පසු පැවැත්වෙන මෙම දළදා ප්‍රදර්ශනය අද (18) සිට ලබන 27වනදා දක්වා දින 10ක කාලයක් පුරා පැවැත්වීමට නියමිතයි.