දිවයිනේ ප්රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව සමඟ මේ වන විට ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු 10ක් මේ වන විට විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.
ජලාශභාර ඉංජිනේරුවරයා සදහන් කළේ ඉන් තත්පරයට ඝණ අඩි 12,063ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවයි.
එමෙන්ම උල්හිටිය රත්කිඳ ජලාශයේ සියලු වාන්දොරටු මීටර් දෙක බැගින් විවෘත කර තිබෙනවා.
(colombotimes.lk)