colombotimes.lk
සිංහල | English

17 September 2024


මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවෙන් හමුවෙයි



ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් 6 දෙනෙක් චෙන්නායිහීදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය ආදායම් බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී චෙන්නායි දකුණු පොතෙරි ප්‍රදේශයේ මෝටර් රථයක සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි.

එහිදී ඉන්දීය රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 130ක් සොයාගෙන තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළේ අදාළ මත්ද්‍රව්‍ය තොගය රාමේශ්වරම් සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා සූදානම් කර තිබූ බවයි.

(colombotimes.lk)