දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද (28) හදිසි ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.
ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ පොලිස් වසමේ 32 -7R කණුව ආසන්නයේදීයි.
මෙම අවස්ථාවේදී බස් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙක් සිට තිබෙනවා.
ගින්නෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
දක්ෂිණ අධිවේගී මාර්ග ගිනි නිවීමේ ඒකකය මඟින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.