colombotimes.lk
සිංහල | English

20 September 2024


Titan සබ්මැරීනයේ සුන්බුන් Photos වල සැඟවුණු රහස මෙන්න - EXCLUSIVE



විනාශ වූ Titan සබ්මැරීනයේ සුන්බුන් වල යැයි සඳහන් කරමින් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ඡායාරූප කිහිපයක් සංසරණය වනවා. 
 
කෙසේවෙතත් මෙම ඡායාරුප වල නිරවද්‍යතාවය පිළිබඳව Colombo Times අප Fact Check සෙවීමක් සිදු කළා. 
 
ඒ අනුව මෙම ඡායාරුප Titan සබ්මැරීනයේ සුන්බුන් වල ඡායාරූප නොවන බවට Colombo Times Fact Check කණ්ඩායම විසින් මේ වනවිට තහවුරු කර තිබෙනවා.  
 
මේ ඡායාරූපය 2020 වසරේදී රෝඩ් අයිලන්ඩ් විශ්ව විද්‍යාලයේ ගවේෂණ ආයතනය, පුරාවිද්‍යා සාගර විද්‍යා මධ්‍යස්ථානය සහ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ සාගර ගවේෂණ කාර්යාලය විසින් නිකුත් කරන ලද ඡායාරූපය බව තහවුරු වුණා. එම ඡායාරූපය නිකුත් කර ඇත්තේ 2020 වර්ෂයේ ඔක්තෝම්බර් 18 වැනි දිනයි. 
 
No photo description available.
2004 වසරේදී ප්‍රසිද්ධ කරන ලද Titanic අනතුරට අදාළ ඡායාරූපයකි.
 
 
OceanGate Titan crew
මෙය 2019 දී Titan සබ්මැරීනයේ කිමිදුම් ගමනකදී ලබාගත් ඡායාරූපයකි