22 November 2024


අදත් වැසි දවසක්



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.  

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව එම නිවේදනයේ දැක්වෙනවා.

අද (10) දහවල් 12.11ට පමණ මැදවච්චිය, හොරොව්පතාන, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට ඉහළින් හිරු මුදුන් වන බවද එම නිවේදනයේ සඳහන්. 
(colombotimes.lk)