ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා කෙටි කාලීන අසනීපයකින් පසු සුවය ලබමින් සිටින බව ඇයගේ පවුලේ සාමාජිකයන් පවසනවා.
ඔවුන් කියා සිටියේ මාලිනී ෆොන්සේකා කෙටි කාලීන අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කළද මේ වන විට ඇය සෞඛ්‍ය සම්පන්නව සිටින බවයි.
මාලිනී ෆොන්සේකාගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු සංසරණය වීම හේතුවෙන් ඇයගේ සහෝදරිය මේ බව දැනුම්දුන්නා.
(colombotimes.lk)