පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබාදී ඇති රුපියල් 6,000ක වවුචරයේ වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ මස 31වනදා අවසන් වීමට නියමිතව තිබූ එම වවුචරයේ වලංගු කාලය අප්‍රේල් 30වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි
(colombotimes.lk)