03 June 2025


අද සහ හෙට ජල කප්පාදුව සිදුවන ප්‍රදේශ මෙන්න



කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 14ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ 01,02,03,04 සහ කොළඹ 07 සිට 15 දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ඒ අනුව අද පෙරවරු 08.00 සිට රාත්‍රී 10 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව සපුගස්කන්ද විදුලි බලාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, උදෑසන 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුලයි.

මේ හේතුවෙන් පෑලියගොඩ, වත්තල, ජා-ඇල කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම් අත්හිටුවන බව සඳහන්.

එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම් අත්හිටුවීමට නියමිතයි.
(colombotimes.lk)