විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ නීති විරෝධීව මාර්ග පොදු මංමාවත් ලෙස විවෘත කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ නඩුවක් අවසන් කර තිබෙනවා.
ඒ අනුව පෙත්සම්කරුවන්ට පක්ෂව තීන්දුවක් ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය වසර 15ක නඩු විභාගය අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.
පාරිසරික පදනම සීමාසහිත සමාගම, ශ්‍රී ලංකා වන ජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය, වනජීවී සහ ආරක්ෂිත ප්‍රදේශ පදනම සහ පරිසරවේදී තිලක් කාරියවසම් එක්ව එම පෙත්සම ගොනු කර තිබෙනවා.
ඔවුන් සඳහන් කළේ අනවසර මාර්ග වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත පැහැදිලිව උල්ලංඝනය කිරීමක් බවයි.
නිවේදනයක් නිකුත් කරමින් පරිසර සංරක්ෂණ සංවිධානය සඳහන් කළේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයේ පහත ප්‍රකාශ සටහන් කළ බවයි.
- උද්‍යානය හරහා රථ වාහන ගමන් කිරීමට මහජනතාවට අවසර නොලැබෙයි.
- උද්‍යානයට ඇතුළුවීම නීත්‍යානුකූල රාජකාරි ඉටු කරන සන්නද්ධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ට පමණක් සීමාවෙයි.
- අනෙකුත් සියලුම ඇතුළත් කිරීම් වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.
- මාර්ගය බොරළු මාර්ගයක් ලෙස නඩත්තු කිරීමට කිසිදු විරුද්ධත්වයක් නොමැති අතර එම ආකාරයෙන් අවශ්‍ය අලුත්වැඩියාවන් සිදු කරයි.