බොරැල්ල පොලිස් වසමේ ඕවල් ක්‍රිඩාංගණය අසලදී ජීව පතරොම් සමඟ සැකකරුවෙක් ඊයේ (22) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී T56 ජීව පතොරම් 07ක් සහ LMG පතොරම් 01ක් සොයාගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)