මෙරටට ජාතික ශෝක දිනයක් ලෙස අද (26) ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන්.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ආලෝක බණ්ඩාර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මඟින් සියලු අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව අද (26) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කර ඇති බවයි වාර්තා වන්නේ.