02 August 2025

logo

රන් මිලෙහි දැවැන්ත අඩුවීමක්



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (09) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 983,946ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (08) සටහන් වුණේ රුපියල් 1,023,227ක් ලෙසයි.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 254,550ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එහි අගය ඊයේ රුපියල් 264,750ක් ලෙස සටහන් වුණා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,820ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,710ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

(colombotimes.lk)