ලබන ජූලි මාසයේදී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මසකට කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසයේදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් ඒ පිළිබදව අනෙකුත් සංගම් සමඟද සාකච්ඡා කරන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.
(colombotimes.lk)