16 July 2025

logo

ඉරානයට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරය චීනය දැඩි ලෙස හෙළාදකියි



ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරය චීනය දැඩි ලෙස හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
 
චීනය අවධාරණය කළේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ අධීක්ෂණය යටතේ පවතින න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කරන බවයි.


(colombotimes.lk)