20 June 2025


ගාසා තීරය දරුණු ලෙස ඇවිලෙයි



ගත වූ පැය 24ක කාලය තුළ ගාසා තීරයේ හටගත් යුද ගැටුම්වලින් පුද්ගලයන් 140දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම් හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි.
 
ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 05දෙනෙක් මිය ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ මධ්‍යම ගාසා තීරයේ සලාහුදීන් මාර්ගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එන ලද ආධාර ට්‍රක් රථවලින් ආහාර ලබාගැනීමට බලා සිටි ජනතාවට සිදු කළ වෙඩි තැබීම්වලින් 14දෙනෙක් මියගොස් ඇති බවයි. 

(colombotimes.lk)