22 June 2025


ට්‍රම්ප්ට විදෙස් රටවල් රැසක් එරෙහි වෙයි



ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් විරෝධය පළ කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයන් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයන් සාමයද ඉල්ලා ඇති බවයි. 

කියුබාව, චිලී රාජ්‍යය, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් විසින් ඇමරිකාව සිදු කළ මෙම ප්‍රහාරය දැනටමත් හෙළා දැක තිබෙනවා.
 
ප්‍රහාරය හෙළා දකිමින් එම රටවල් පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග ගැටුම භයානක ලෙස උත්සන්න කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා උත්සාහ ගත් බවත් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද බෝම්බ හෙළිම හෙළා දකින බවයි. 

(colombotimes.lk)