16 July 2025

logo

බැටරියක් සහිත සූර්ය පැනල සඳහා ගෙවීම් ඉහළට



බැටරියක් සහිතව වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති මඟින් නිපදවන විදුලි ඒකකයක් සඳහා සිදු කරන ගෙවීම් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව එලෙස උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල රුපියල් 27 සිට රු.45.80 දක්වා ඉහළ නංවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහෙත් බැටරියක් රහිත සූර්ය පැනල පද්ධති සඳහා මෙම ගාස්තු ඉහළ නැංවීම අදාළ නොවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)