16 July 2025

logo

තෙල් මිල ඉහළයාමේ අවදානමක්



ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ඉන්ධන මිල ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසනවා. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආයෝජකයන් සඳහන් කළේ මෙම මිල ඉහළයාම දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි.

නමුත් අද (22) මැද පෙරදිග කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සඳහා එය එතරම් බලපෑමක් එල්ල කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය ජුනි 13වන දින ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හමුවේ තෙල් මිල 11% කින් ඉහළ ගොස් ඇති බවයි. 

(colombotimes.lk)