මුවහත් කරගෙන කොපුවේ දමාගෙන සිටි කඩු, එළියට ගෙන ප්‍රතිචාර දැක්වීමට කාලය එළැඹ ඇති බවත් ඉතිහාසය පුරාම මතක තබාගත හැකි ප්‍රතිචාරයක් ඇමරිකාවට ලබාදෙන බවත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලාහ් අලි කමේනි අවධාරණය කර තිබෙනවා.
ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර 03කට ඇමරිකාවට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන උත්තරීතර නායකයා පෙන්වා දෙන්නේ කලින් සිට බලාපොරොත්තුවෙන් සිටි මෙම ප්‍රහාරය තමන්ට පුදුමයක් නොවන බවයි.
ඉරානය දැන් සාමයේ මාර්ගයට අවතීර්ණ විය යුතු බවත් ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ දරුණුවීමට ඉඩ ඇති බවත් ප්‍රහාරයෙන් පසු ජාතිය ඇමතූ ඇමරිකානු ජනාධිපතිවරයා ද අවධාරණය කර තිබෙනවා.
ප්‍රහාරයෙන් අනතුරුව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලාහ් අලි කමේනි සඳහන් කළේ ඇමරිකාව යුද්ධයට අවාසිදායක ලෙස අවතීර්ණ වී ඇති බවයි.
එමඟින් වන හානිය ඉරානයට මුහුණදීමට සිදුවන හානියට වඩා බෙහෙවින් විශාල බවද ඉරානයේ උත්තරීතර නායකයා පවසා තිබෙනවා.
(colombotimes.lk)