රජයේ පොහොර සහනාධාරය නොලැබීම හේතුවෙන් ප්‍රදේශ රැසක ගොවීන් මේ වන විට දැඩි අසීරුතාවයකට පත් වී තිබෙනවා.
නැගෙනහිර පළාත් ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ මේ හේතුවෙන් කුඹුරු අක්කර ගණනාවක වගා කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි.
මේ අතර ඉදිරියේදී පොහොර සහනාධාරය අත්හිටුවා වගා සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ඊයේ (19) ප්‍රකාශ කළා.