10 May 2025


ඡන්දය දෙන්න නිවාඩු ලැබෙන ආකාරය දැනුම්දෙයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ යම් සේවකයෙක් විසින් ඡන්දය ලබාදීමට ඉල්ලීමක් කළ විට ඊට අදාළව සේවායෝජකයා විසින් ප්‍රමාණවත් යැයි සලකනු ලබන පැය 2කට නොඅඩු කාලයක් අදාළ සේවකයාට පඩි සහිත නිවාඩුවක් ලබාදිය යුතු බවයි.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සෑම අයෙක්ටම ආයතන විසින් නිවාඩු ලබාදිය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන මැයි 6වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,


 
(colombotimes.lk)