ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ පළමුවරට හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ හෝටල් ගෘහපාලනය සම්බන්ධ රැකියා සඳහා පිටත්වන ප්‍රථම කණ්ඩායම ලෙස තරුණ තරුණියන් 103දෙනෙක් ඊයේ (07) ඊශ්‍රායලය බලා පිටත්වූ බවයි.
මේ අතර ඊශ්‍රායල් හෝටල් ගෘහපාලනයට අදාළ පුහුණු ලබන 28දෙනෙක් ඉතා ඉක්මනින් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)