07 October 2025

logo

නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 11කට දිවි අහිමි වෙයි



නේපාලයේ කත්මන්ඩු නුවරට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමඟ සිදු වූ ආපදාවලින් මේ වන විට පුද්ගලයින් 11දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (05) අලුයම නේපාලයේ ඉලම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවයි.

එමෙන්ම මේ වන විට නේපාලයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට මහා මාර්ග රැසක් වසා දමා තිබෙනවා.

මේ අතර පසුගිය වසරේදී නේපාලයට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 224දෙනෙක් මියගොස් තවත් 158 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)