ඉරානය සමඟ නැවත යුද්ධයක් ආරම්භ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තාවකාලික සාම ගිවිසුමක් යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව සඳහා ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉරාන නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන අතරතුර ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබෙන බවයි.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව දෙපාර්ශවය අතර යුද්ධය අවසන් කිරීම සඳහා පසුගිය සතියේදී එළැඹුණු අවබෝධතා ගිවිසුමේ කොන්දේසි යටතේ පැවැත්වෙන පළමු සාකච්ඡාව වන බවයි වාර්තා වන්නේ.
මේ හරහා අප්‍රේල් මාසයේ සිට පැවති සටන් විරාමය අවම වශයෙන් තවත් දින 60කින් දීර්ඝ කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
(colombotimes.lk)
